උප ජනපති පුටුවට තම බිරිය පත්කිරීමට ගිය සිම්බාබ්වේ ජනපති හමුදා අත්අඩංගුවට

ග්‍රේස් මුගාබේ යන වචනය ඉකුත් කාලයේ ලෝක ජනමාධ්‍යයේ නිතර ඇසුණු නමක්. ඇ‍ය සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේගේ බිරිඳයි. මේ වන විට 93 වියේ පසුවන මුගාබේ ජනපතිතුමා තම දෙවැනියා වූ උප ජනපති ධුරයෙන් නෙරපා දැමුවේ පසුගිය සතියේයි. ඔහු එම පුටුවට තම බිරිය පත් කරනු ඇති බව ලෝක ජනමාධ්‍ය වාර්තා කළා.

එහි ප්‍රථිපල මේ වනවිට ලැබෙමින් පවතින අතර ඒ අනුව සිම්බාබ්වේ හමුදාව අගනුවර බලය අතට ගෙන තිබෙනවා. රාජ්‍ය රූපවාහිනීයට ඇතුළු වූ හමුදාව තමන් රටේ සාමය ඇති කිරීම සඳහා බලය අතට ගන්නා බව පැවසුවා.

තම පවුල හැර රට ගෙනියන්නට වෙනත් සුදුසු කිසිවකු නැති බව මුගාබේගේ අදහස වන අතර වර්ෂ 1987 සිට මේ වන තෙක්ම එරට පාලනය කළේ ඔහුයි.

මේ අතර සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට හමුදා අත්අඩංගුවට පත්ව තිබෙන බවද වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සිම්බාබ්වේ හමුදාව විසින් ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර, එරට රූපවාහිනී මධ්‍යස්ථානයක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව ජනතාව අමතමින් සිම්බාබ්වේ හමුදාව සඳහන් කළේ මෙය කුමන්ත්‍රණයක් නොවන බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ වෙඩි හඩ රැසක් අගනුවරින් වාර්තා වූ බවයි.