විජේදාස රාජපක්ෂ වෙනුවෙන් මහින්ද ඉදිරිපත් වෙයි – විශ්වාසභංගයක් ආවොත් මහින්ද පිලේ ඡන්දය නෑ

මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහය නොදෙන බව පවසනවා. මෙම මොහොතේ විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය පෙනී සිටින බවද මෙහිදී ප්‍රකාශ කරනලදි.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි වාර්තා වන අතර එම විශ්වාසභංගය ගෙන ඒමේ මූලිකත්වය ආණ්ඩු පක්ෂයෙන්ම ගෙන ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි. එ අනුව මෙම විශ්වාසභංග යෝජනාව මේ වන විටත් සකස් කර අවසන් බවත්, ඊට ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ද අත්සන් තබා ඇති බවත් පැවසේ.