මහින්ද පිලේ බදුල්ල මන්ත්‍රී තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට.

මෙතෙක් මහින්ද පිල නියෝජනය කල ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්වෙමින් මෛත්‍රී පිලහා එක්ව සිටියි.  මහියංගන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙසද තේනුක විදානගමගේ මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ඔහු ජනාධිපතිවරයා අතින් ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

තේනුක විධාන ගමගේ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරී දෙෂ්පාලයකයෙක් මෙන්ම රාජපක්ෂ පවුලේ හිතව්තෙකුද වේ. එහෙත් පවතින දේශපාලන වටපිටාවේ ඒකාබද්ධ විපක්ෂය තුල ගැටළු රැසක් ඇතිවී ඇත.බැසිල් රාජපක්ෂ මහතා අත්තනෝමතික ලෙස ඒකාබද්ධ විපක්ෂය තුල ක්‍රියා කරමින් සිටින අතර ඔහුට හිතවතුන් නොවන අයවලුන් සඳහා විවිධ තාඩන පීඩන එල්ල කරන බව ආරංචි මාර්ග පවසයි. මේ පිළිඹඳව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරීන් පිරිසක් දැඩිලෙස කලකිරීමට පත්වසිටී.

මේ අතර ඔහුගේ සොයුරු අනුර විදානගමගේ, ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.