‘ආවා’ කල්ලියේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට.

පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආවා කල්ලියට සම්බන්ධ ප‍්‍රධාන පෙලේ සැකකරුවෙකු ඇතුළු තවත්  හය දෙනෙකු ඉකුත් 07 වැනිදා අත්අඩංගුවට ගැණුනා. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත් දා එල්ල වූ ප‍්‍රහාරයට ඔවුන් සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර අත්අඩංගුවට ගත් “ආවා” කල්ලියේ නායක, නිශාන්තන් හෙවත් “නිශා වික්ටර්” ඇතුළු එහි සාමාජිකයන් 7 දෙනෙකු මේ මස 22 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව වාර්තාවේ.