සජිත් විශ්වාසභංගට පක්ෂයි – රවීට එරෙහිව ජන්දය දීමට සැරසෙයි.

රවී කරුණානායකට ඉදිරිපත්වී ඇති  විශ්වාසභංග යෝජනාවට අත ඔසවන්න යැයි කවුරුන් හෝ කීවොත්, එදාට අපේ තාන්න මාන්න, පට්ටම් පැත්තකින් තියලා තනතුරු ටික ජනතාවට පූජා කරලා ජනතාව සමඟ පාරට බහිනවායැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

”අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් අගමැතිවරයෙක්, අලුත් ආණ්ඩුවක්, රටේ ජනතාව පත් කළේ හොරකම් කරන්නට නෙවෙයි. හොරකම් කරපු අය අල්ලන්නයි. මහජන නියෝජිතයෝ විදියට අපි හැමවෙලාවේම මතක් කර ගන්න ඕනෑ ජනතාවගේ විශ්වාසය භංගත්වයට පත් කරන්නේ නැතිව අපේ ගමන ක්‍රියාත්මක කරන්න. යහපාලන රජයේ අපි කිසිම කෙනෙක් දූෂණයට පක්‍ෂව අත ඔසවන්නේ නෑ.”

යහපාලන රජය හැමවිටම දූෂණයට, වංචාවට විරුද්ධ රජයක්. මා මේ කියන්නේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ යහපාලන රජයේ මතය බව කිය යුතුයි. යහපාලන රජයේ අප කිසිවෙක් දූෂණයට පක්‍ෂව අත ඔසවන්නේ නැහැ. අල්ලසට, වංචාවට, හොරකමට පක්‍ෂව අත ඔසවන්නේත් නැතැයි ප්‍රේමදාස මහතා පැවැසුවේ සියඹලාණ්ඩුව මානාභරණ ගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පෙරේදා (05දා) පැවැති උත්සවයේදීය.

One thought on “සජිත් විශ්වාසභංගට පක්ෂයි – රවීට එරෙහිව ජන්දය දීමට සැරසෙයි.

Comments are closed.