ටී.බී. ඒකනායකගේ ඉඩම් මගඩිය පිටුපස මහින්ද පිලේ ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක්

ජනතා විරෝධතා මත මේ වනවිට නැවති තිබෙන මුදලට ඉඩම් බෙදීමේ ඉඩම් රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතාගේ නීතිවිරෝධී කටයුත්ත පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් සිටින බව වාර්තා වේ.

මෙම දේශපාඥයන් අතර මහව, පොල්පිතිගම සහ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය වන කණ්ඩායම සමග මැතිවරණවලට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවන පිරිසක් සිටින බව මේ වනවිට වාර්තා වෙමිත් තිබේ.

ඒ අතර දළදාගම බබී උත්සව ශාලාව සහ හෝටලය හිමි මහව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ජී.එම්.ගාමිණී සෙනෙවිරත්න මහතා (බබී) සහ හිටපු මන්ත්‍රී එච්.පියසේන මහතාද සිටිති.

ඔවුන් සිය දේශපාලන ආධාරකරුවන් වන ව්‍යාපාරික මිතුරන්ට මෙම අක්කර 24ක ඉඩමෙන් ඉඩම් මිලදී ගැනීමට අවශය පසුබිම සකසා දී ඇති බව වාර්තාවේ. ඉදිරියේදි එන මැතිවරණවලදි තමන්ගේ ඡන්ද ව්‍යාපාර කරගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම මොවුන්නේ අරමුණ වී ඇති බවද වාර්තා වේ. එමෙන්ම ටී.බී. ඒකනායක මහතාද සිය සමීපතමයන් සමග පවසා ඇත්තේ තමන් මීලඟ ඡන්දයට මහින්ද රාජපක්ෂ සමග එකතුවන බැවින් මහින්ද පිලට හිතවත් ව්‍යාපාරිකයන් සහ මධ්‍යම පාන්තිකයන් තෝරා මෙම ඉඩම් කැබලි බෙදා දිය යුතු බව ය.

කෙසේ නමුත් ඊයේ (08) ගම්වාසීන්ගේ මැදිහත්වීම මත එම භූමිභාගයේ ඉඩම් කට්ටි කර තිබූ සලකුණු සියල්ල ගලවා ඉවත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා නියෝග කර තිබේ. එමෙන්ම ටී.බී. ඒකනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවාස ව්‍යාපෘතිය නීතිවිරෝධී ව්‍යාපෘතියක් බවටද දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නම් කර ඇත.

අක්කර 24ක මෙම ඉඩම පිහිටා ඇත්තේ පාදෙණිය – අනුරාධපුර පාරට මුහුණලා රීදිබැඳි ඇල්ල, කුඩාගම ප්‍රදේශයේය.

Image may contain: plant, tree, outdoor and natureImage may contain: tree, sky, plant, outdoor and natureImage may contain: one or more people, sky, tree, basketball court and outdoor