ඡන්දය ප්‍රමාද වන්නේ 2013 මහින්ද ගෙනා පනතේ අඩුපාඩු නිසයි – මැතිවරණ කොමිසන් සභාවේ සභාපති

බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති උපහාර උළෙලකදී  අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය පවසා සිටියේ “රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඕනෑම අභියෝගයක්‌ භාර ගැනීමට හැකි සහ බැනුම් ඇසීමටත් ඉවසීමටත් පුරුද්ද තිබිය යුතු බවයි” . එහිදී තවදුරටත් අදහස් දැක්වු  මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පළාත් පාලන මැතිවරණය පිළිබදව අදහස් දක්වා සිටියා. පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීමට හේතූව 2013 වසරේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් ඉදිරිපත් කළ පලාත් පාලන පනතේ අඩුපාඩු බවද සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටියා.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද නිසා සිය හිතවතුන් පවා තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් “තමන් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වන්නේද උදෑසන හතරට හා පහට පමණ බවත් එසේ නොමැති නම් ගමේ හිතවතුන් පවා මැතිවරණය පවත්වන්නේ නැතිදැයි අසන බවත් අලුයම සහභාගී වන විට ඔවුන් මුන නොගැසෙන බවත්” මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පවසා සිටියා.