සමාජ ජාල හරහා ජාතිවාදය වැපිරෑ 14ක් අත්අඩංගුවට – පොලිස් නිලධාරීයෙකුත් ඒ අතර..!

සමාජ ජාල මාධ්‍ය පරිහරණය කරමින් ආගම් අතර හා ජාතීන් අතර සංහිදියාව බිද දමන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි. ජාතීන් සහ ආගම් අතර සංහිදියාව කඩ කළ බව කියන පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මුස්ලිම් ජාතිකයන් දෙදෙනයි. ද්‍රවිධ ජාතියයි. සිංහල ජාතිකයින් මේ සිද්ධින් වලට අඳාළව විමර්ශනයකින් පසුව පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට අරන් තිබෙනවා.  එම පිරිසට පොලිස් නිලධාරීයෙකුත් අතුළත්. බොදු බල සේනාවට සම්බන්ධය පිරිසිත් ඒ අතර සිටිනවා.