ගෝඨා සහ විජේදාසගේ ඩීල් එළියට – හඩපටය මෙන්න..! (Exclusive)

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ගෝඨාබය රාජපක්ෂ අතර ඉතා සමීප ඇසුරක් සහ දේශපාලන ගණුදෙනුවක් සිදුවන බවට තොරතුරු වාර්තාවේ. රාජපක්ෂ පවුලේ සියලු වංචනික ක්‍රියා යට ගසමින් සිටින්නේ මෙම සබඳතාවය නිසාවෙන් බවට දැන් දැන් තොරතුරු නිරාවරණය වෙමින් පවතී. බොදුබල සේනාවේ ගලබොඩඅත්තේ ඥානාසාර හිමියන්ට අවශ්‍ය රැකවරනය ලබා දෙන්නේද ගෝඨාභයගේ මැදිහත්වීම මත අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් බවද වාරතාවේ.

පහත හඬ පටයෙන් දැක්වෙන්නේ විජේදාස අමාත්‍යවරයා සෙවනේ පෝෂණය වූ මලිත් විජේනායක නම් නීතිඥවරයෙකු අමාත්‍යවරයාට එරෙහිව නගන චෝදනා පෙළකි. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන්නේ ගෝඨාබයගේ කීමට අමාත්‍යවරයා විසින් බොදුබල සේනාවේ ගලබොඩඅත්තේ ඥානාසාර හිමියන්ට නීතිමය රැකවරණය සහ ආරක්ෂාව ලබාදෙන බවයි. මෙය ඔප්පු කිරීම සදහා තමා සන්තකයේ තවත් සාක්ෂි රැසක් පවතින බවටද ඔහු විසින් සදහන් කරයි.

පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අධිකරණ අමාත්‍යධුරය වෙනස් කිරීම සිදුකිරීමට නොහැකිවී ඇත්තේ ජනපතිවරයාගේ පවුලේ අය සමග ඉතාමත් සමීප ඇසුරක් විජේදාසගේ පුත් රකිත රාජපක්ෂ විසින් පවත්වන නිසාවෙන් බවට තොරතුරු වාර්තාවේ. තවද මෙම රකිත රාජපක්ෂ සතුව ජනපති පවුලේ ප්‍රතිරූපය බිඳ දැමිය හැකි යම් දත්ත විශාල ප්‍රමාණයක් පවතින බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී.

( මුලාශ්‍ර – Gossip 2020 )

බොදුබල සේනාවේ ඥාණසාර හිමි සඟවාගෙන සිටින්නේ කවුද?සාක්ෂි සහිත විශේෂ හෙළිදරව්ව!

Posted by Malith Wijenayake on Friday, June 16, 2017