සිවාජි ඇතුළු 15ක් විග්නේෂ්වරන්වම ඉල්ලයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශ භංගයට විරුදධව 15 දෙනෙකුගෙන් යුත් පෙත්සමක්  උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් මහතා වෙතට භාර දෙනු ලැබීය.

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රවරුන් පිරිසක් විසින් උතුරු මහඇමැතිගේ විශ්වාශ භංගයට එරෙහිව පෙත්සම භාර දෙනු ලැබීය.

පෙත්සම භාර දෙනු ලැබූ අවස්ථාවේදී අදාල මන්ත්‍රීවරුන් පිරිස උතුරු ආණ්ඩුකාරවරයාට දැනුම් දෙනු ලැබුවේ ඉදිරියට ද උතුරු පළාතට ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශවරන් මහතාම අවශ්‍ය බවටයි.කෙසේ වෙතත් එසේ භාර දුන් පෙත්සමෙහි කිසිදු දිවුරුම් ප්‍රකාශයක් අමුණා නොමැති බවද වාර්තාවේ.