මහින්ද රූපවාහිනිට කෝටි 15 1/2ක් පොලුතියලා – ජනාධිපති කොමිසම විමර්ශන අරඹයි

පසුගිය 2015 ජනාධිපතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ මහතාගේ  මැතිවරණ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී සිදුවී තිබෙන රුපියල් කෝටි 15 1/2ක පමණ මූල්‍යමය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් බරපතළ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම අද(16දා) දින මූලික විමර්ශන කටයුතු ආරම්භ කරඇත.

ඒ අනුව එම සිද්ධියට අදාළව රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වන විමලසේන රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, හිටපු අධ්‍යක්ෂ (අලෙවි) සනත් දළුවත්ත යන අය ඇතුළු නොතීසි ලත් පාර්ශ්වකරුවන් 8 දෙනකු අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

2014 දෙසැම්බර් 08දා සිට 2015 ජනවාරි 05 දින දක්වා කාලය තුළ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය කර තිබූ පූර්ව ප්‍රචාරක පටවලට අදාළව මුදල් අය කර නොගැනීම හේතුවෙන් ඉහත කී නිලධාරීන් නොතීසි ලත් පාර්ශ්වකරුවන් වශයෙන් කොමිසම හඳුනාගෙන තිබේ.