පිළියන්දලදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු මැදිරිගිරියේදී අල්ලයි

පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මිරිහාන විශේෂ අපරාධ ඒකකය විසින් මැදිරිගිරිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.විසිහත් හැවිරිදි මෙම සැකකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙක්. ඔහු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පදවන ලද පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම සහ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10ක් ද සොයා ගැනිණ.