කුරුණෑගල මල්ලවපිටිය ප්‍රහාරයට බොදු බලසේනා සංවිධානයේ දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගියදා කුරුණෑගල මල්ලවපිටිය දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බොදු බලසේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. පසුගිය මස 21 වනදා කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේදී ගලබොඩවත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට යෑමේ සිදුධියෙන් පසු මෙම ප්‍රහාරය එල්ලකර ඇතැයි පොලීසිය පවසයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් බොදු බලසේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් හතර දෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද වාර්තාවේ.