විග්නේෂ්වරන්ට විශ්වාසභංගයක් – මහ ඇමති පුටුව අහිමිවන ලකුණු.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට අද (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග පවසයි.

මෙම විශ්වාසභංගයට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 21 දෙනෙකු අත්සන් තබා ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින් බහුතරයක් අත්සන් යොදා ඇති අතර එම පක්ෂයේ නායකත්වයේ පෙලබවීමක් මත මෙම විශ්වාසභංගය ගෙන ඒමට මුල්වී ඇති බවද වාර්තා වේ.

උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම සදහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් මත මෙසේ මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.