ඇදන් 220යි , රෝගීන් 600යි – අයි.ඩී.එච් උණ රෝහලේ ගේට්ටු වසා දමයි.

උණ රෝගීන්ගෙන් පිරීයාම හේතුවෙන් ඊයේ(14) රාත්‍රීයේ සිට කිසිදු රෝගියෙකු අංගොඩ අයි.ඩී.එච් උණ රෝහල ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබේ.උණ රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී යාමෙන් ඊයේ රාත්‍රී සිට අද(15) පෙරවරු කාලය දක්වා උණ රෝගීන් බාර නොගත් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අයි.ඩී.එච් උණ රෝහලේ ඇදන් 220ක් පමණ ඇති අතර රෝගීන් 600කට වැඩි ප‍්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඇතැම් ඇදන්වල රෝගීන් හතර දෙනෙකු බැගින් සිටිති. මේ හේතුවෙන් රෝහලේ ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවද වාර්තා වේ.

2017 වසරේ මේ වනවිට ඩෙංගු රොගීන් 62,000 ක් වාර්තා වී ඇත. අද (15) සහ හෙට (16) දෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නිවාස පරීක්ෂා කිරිම සහ ධූමායන කටයුතු සිදු කිරීම දිස්ත්‍රික්ක 21 ක් පුරා අද (15) පෙරවරුවේ ආරම්භ විය.