පැය 48ක් තුළ රෝගීන් තිදෙනෙකු මිය යයි – මහනුවර මහ රෝහලේ 65 වාට්ටුව වැසෙයි!

මහනුවර මහ රෝහලේ 65 වන වාට්ටුව වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා ඇති බව වාර්තා වෙයි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ පැය 48ක් තුළදී රෝගීන් තිදෙනෙකු මිය යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

රෝහල් වාට්ටුව තුළ සීඝ්‍රයෙන් පැතිර යන වෛරසයක් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බව  අණාවරණය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා අද දෙරණ සමග පවසා සිටියේය.