ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දේපල වල ගැටලුවක් මතුවී ගෝඨා ඇමරිකා යයි.

එක්සත් ජනපදයේ සිය දේපල වල තත්වය පිලිබඳ ඇති වූ යම් ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ගමනට ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද එක්වි සිටි බවයි වාර්තා වන්නේ. ඔහු ගමන් කර ඇත්තේ අද අලුයම 2.50 දෝහා කාටාර් බලා පිටත්වු ඊ.කේ. – 349 දරණ ගුවන් යානයෙන්.ගෝඨාභය රාජපක්ෂට අධිකරණයෙන් පනවා තිබු විදේස් ගමන් තහනම මේ වන විට ඉවත් කර තිබෙනවා.

එක්සත් ජනපදයේ සිය දේපල වල තත්වය පිලිබඳ ඇති වූ යම් ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මෙලෙස ඇමරිකාව බලා පිටත්ව ගිය බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග තහවුරු කලා.