කලිසමක් විදිහට ඇග පාට කරන් නිරුවතින් ලන්ඩනයේ වීදි දිගේ ගිහින් – (Video)

එංගලන්ත පුවත්පතක් අපූරු අත්හදාබැලීමක් සිදුකර තිබෙනවා. එංගලන්තයේ ලන්ඩන් නුවර ජනාකීර්ණ වීදිවල නිරූපිකාවක් ගමන්කරවීමට ඔවුන් පියවර ගෙන ඇත්තේ නිරුවත් කරයි. ඇගේ යටිකය නිරුවත වැසීමට ඔවුන් භාවිත කර ඇත්තේ තීන්තයි. බොඩි පේන්ටින් ලෙසින් වර්ථමානයේ ප්‍රචලිත වෙමින් පවතින කලාව එලෙස ඔවුන් භාවිත කර තිබෙනවා.

2005 වසරේ සිට බොඩි පේන්ටින් චිත්‍ර ශිල්පිනියක ලෙස කටයුතු කරන Sarah Attwell මේ සදහා දායකත්වය ලබා දී තිබෙනවා.

යටි කයට යට ඇදුම පමණක් ඇදගත් නිරූපිකා Kelly Klein ට ඩෙනිම් කලිසමක් ඇද ඇති ලෙස චිත්‍ර ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම චිත්‍රය කෙතරම් යථාර්ථයට සමීපද යන්න එය නරඹන ඔබටත් දැකගත හැකිවනු ඇති.

දහස් ගණනක් ඇවිද යන ලන්ඩනයේ වීදි දිගේ ඇය පැය දෙකක් ඇවිද ගියත් පුද්ගලයින් 12 දෙනෙකු පමණක් ඇගේ ඇදුම පිලිබද විමසිලිමත් වී ඇති බවයි පර්යේශකයින් පවසන්නේ. ලන්ඩනයේ වෙසෙන පුද්ගලයින් අනෙක් පුද්ගලයින් පිලිබද දක්වන ආකල්ප මෙමගින් මනාව පැහැදිලි වන බවත් එම පර්යේශකයින් පෙන්වා දී තිබෙනවා.