විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ඔබ නොදත් තොරතුරු – (Video)

කොමියුනිස්ට් විප්ලවයේ ප්‍රධාන පුරුකක් වූ කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ ඊයේ(26) අභවප්‍රාප්ත වූ පුවත මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ සංවේගයට කාරණාවක් වී තිබේ.

මියයන විට 99 හැවිරිදි වියේ පසුවූ ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ දකුණු-නැගෙනහිර Oriente පළාතේ 1926 දී උපත ලබා තිබේ. අඩ සියවසකට ආසන්න කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 1959 දී  කියුබාවේ කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවනු ලැබූ අතර ධනවාදයට එරෙහිව සමාජවාදය ගොඩනැගීමට විප්ලවයක් කළ ලෝක නායකයෙක් ලෙස  හා ජනතාවාදී පාලකයෙක් ලෙස ලෝක ගෞරවයට පාත්‍ර විය.

කාල් මාර්ක්ස්, ලෙනින් විසින් ගොඩ නැගු සමාජවාදයේ ගමන් මඟ ඉදිරියට ගෙනගිය විප්ලවවාදියෙක් ලෙස ලෝක ඉතිහාසයට එක්වන ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ඔහුට පක්ෂපාතී ජනතාව හැඳින්වුයේ කියුබාව නැවත ලබාදුන් මිනිසා ලෙසයි.

ඔහුගේ ජීවිතයේ තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහතින් >>>>>